කෑගල්ල හා ඇහැලියගොඩ පෙරමුසු අංගනයන්හි පොළෙව මත සවිකරඇති භාවිතා නොකළ, 15000 L ධාරිතාවයෙන් යුතු Imulsion ටැංකිදෙක විකිණිම සදහා මිල ගණන් කැදවනු ලැබේ.

උපදෙස් හා පොදු තොරතුරු

  1. ලංසු විවෘත කිරීමේ ක්‍රමය

කෑගල්ල හා උදුගොඩ අංගන දෙක සඳහා වෙන වෙනම මිල ගණන් ඉදිරිපත් කල යුතු අතර ඔබගේ අයදුම් පත්‍ර 2026.06.04 දින පෙ.ව.11.15 ට පෙර ලියාපදිංචි තැපෑලෙන් හෝ ටෙන්ඩර් පෙට්ටියට ගෙනවිත් බහාලිය හැකිය.අයදුම් පත්‍ර යේ  වම් පස ඉහළ කෙළවරේ “පූර්ව මිශ්‍රණ නිශ්පාදන යන්ත්‍ර යේ ඉන්ධන ටැංකිය සඳහා මිල ගනන්” “කෑගල්ල උදුගොඩ අංගණය / ඇහැලියගොඩ තොරණගොඩ අංගනය  ලෙස සටහන් කල යුතුය.

ටෙන්ඩර් විවෘත කිරිම 2026.06.04 දින පෙ.ව.11.30 ට සිදු කරන අතර ඒ සඳහා ඔබට හෝ ඔබගේ බලය ලත් නිලධාරියකු ඒ සඳහා සහභාගි කරවිය හැකිය.

  • ගාස්තු අය කිරීම

අයදුම් පත්‍ර ගාස්තු                        –  රු     1,000.00

ආපසු ගෙවනු ලබන ඇප මුදල       –  රු   25,000.00

මුදල් ගෙවිම කාර්යාල දිනක ගිණුම් අංශය වෙත පැමිණ හෝ අන්තර්ජාල බැංකුකරණය මගීන් ගෙවීම් සිදු කල හැකි අතර රිසිට් පත් අයදුම් පත්‍රයට අමුණා එවිය යුතුය.

නැතහොත් විධායක අධ්‍යක්ෂ සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය නමින් ලංකා බැංකු ශාඛාවේ ඇති 0076679199 ගිණුමට බැර කර එහි පිටපත අයදුම් පත්‍රය සමඟ අමුණා එවිය යුතුය.

  • පරිශ්‍රය පරීක්ෂා කිරීම

ඇහැලියගොඩ – තොරණගොඩ අංගනය පිහිටා ඇති ස්ථානය

ඇහැලියගොඩ -අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ තොරණගොඩ ප්‍ර දේශයේ විධායක ඉංජිනේරු කාර්යාලයට අයත් නිල නිවසට යාබදව පිහිටා ඇත.

සම්බන්ධීකරණය –  කුසුම්සිරි    –  071- 9977685  -තොරණගොඩ අංගණය

           (කාර්යාල දිනයන්හි පෙ.ව.8.30- ප.ව.5.00)

කෑගල්ල උදුගොඩ අංගනය පිහිටා ඇති ස්ථානය

අගුරුවැල්ල – වරාවල හන්දිය -බුලත්කොහුපිටිය – කෑගල්ල පාර – තණ්ණිමලේ කෝවිල පසු කර කි.මී.1 කි

            කෑගල්ල – බුලත්කොහුපිටිය – උදුගොඩ හන්දිය – විලුඹහේන ගම

සම්බන්ධීකරණය   – කෝසල බණ්ඩාර           – 071-3879693

   –  මධූෂා කුඩාගොඩ         – 077 – 2772572  

          (කාර්යාල දිනයන්හි පෙ.ව.8.30- ප.ව.5.00 )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *