අභිලාෂපත් කැඳවීම

ඇහැලියගොඩ සහ කෑගල්ල-උඳුගොඩ පිහිටි අප ආයතනය සතු පෙරමුසු තාර නිෂ්පාදන
කටයුතු කුලී පදනමින් හෝ බදු පදනමින් හෝ හවුල්කාරී පදනමින් පවත්වාගෙන යාම
සඳහා අභිලාෂපත් කැඳවනු ලැබේ.
මීට අදාල යෝජනාවලියක් 2023.12.20 දින ප.ව.2.00 පෙර ලියාපදිංචි තැපැල් මඟින්
හෝ ගෙනවිත් භාර දිය හැක. “පූර්ව මිශ්‍රණ නිෂ්පාදන යන්ත්‍ර” යනුවෙන් ලියුම් කවරයේ
වම් කෙලවරෙහි සඳහන් කර තිබිය යුතුය. මේ සම්බන්ධ වැඩි විස්තර 045-2262687
අංකය අමතා හෝ අපගේ වෙබ් අඩවියට (www.decma.sg.gov.lk) පිවිස ලබා ගත හැක.

විධායක අධ්‍යක්ෂ,
සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය,
පැරඩයිස්,
කුරුවිට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *