සංවර්ධන  නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය – සබරගමුව පළාත් සභාව. කොන්ත්‍රාත්කරුවන් / සැපයුම්කරුවන් ලියාපදිංචිය – 2025

සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියට 2025 වර්ෂයේ දී ආකෘතියෙහි සඳහන් සැපයීම් හා සේවාවන් ලබා ගැනීම සඳහා ව්‍යාපාර නාම ලියාපදිංචිය හිමි සැපයුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පතට ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකයේ පිටපතක් ඇමිණිය යුතුය. සිය සැපයීම සඳහා අවම වශයෙන් ලිත් මාසයක ණය සීමාවක් ලබා දීමට සැපයුම්කරුවන්ට හැකි විය යුතුය. ලියාපදිංචි කර ගන්නා සැපයුම්කරුවන්ට අමතරව ආයතනයේ අවශ්‍යතාවය අනුව තරඟකාරී මිල ගණන් මත වෙනත් සැපයුම්කරුවන්ගෙන්ද මිල ගණන් කැඳවීමේ හා මිලදී ගැනීමේ අයිතිය අධිකාරිය සතු වේ. අයැදුම්පත හා එයට අදාල විස්තර ඇමුණුමක් (PDF) මඟින් පහතින් දක්වා ඇත.

වැඩි විස්තර සඳහා – 045-2262687

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *