ආයතනයේ ප්‍රධාන අංශ

යාන්ත්‍රික අංශය

අපගේ යාන්ත්‍රික අංශය මගින්, බර වාහන,සැහැල්ලු වාහන සහ යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කිරීම, වාර සේවා කිරීම, පින්තාරු කටයුතු, බර වාහන,සැහැල්ලු වාහන සහ යන්ත්‍ර සූත්‍ර කුලී පදනම මත ලබා දීම, වාහන සඳහා යෝග්‍යතා සහතික නිකුත් කිරීම, වාහන ස්කෑන් කිරීම තත්ත්ව සහ සහතික ලබාදීම මෙන්ම ලියවන පට්ටල් කටයුතු ආදී සේවාවන් රැසක් ඔබට ලබා දේ.

සිවිල් අංශය

අපගේ සිවිල් අංශය මගින්, ඔබට අවශ්‍ය සියලුම වර්ගයේ ඉදිකිරීම්වලට අදාළ සැලසුම්පත් සකස්කිරීම, ඇස්තමේන්තු සකස් කිරීම ආදිය මෙන්ම ඉදිකිරීම් කටයුතු සහ අලුත්වැඩියාවන් සම්බන්ධ සියලුම කටයුතු සිදුකරනු ලබයි.

අලෙවි අංශය

සියලුම වර්ගයේ වාහන සඳහා අවශ්‍ය ටයර් සහ ටියුබ්, බැටරි සහ වාහන අමතර කොටස් අපගේ අලෙවි අංශය මගින් ඔබට ලබාගත හැක.

මුද්‍රණ අංශය

රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු මෙන්ම පෞද්ගලික අංශයට අවශ්‍ය සියලුම මුද්‍රණ කටයුතු අපගේ මුද්‍රණ අංශය විසින් සිදුකරනු ලබයි.

උපදේශන සහ පුහුණු සේවා

සබරගමුව පළාතට අයත් රජයේ තාක්ෂණ විද්‍යාල හා පුහුණු කිරීම් ආයතනයන්හි ශිෂ්‍යන් හට සිවිල්,යාන්ත්‍රික සහ ආයතන අංශයන්ගේ පුහුණු කිරීම් අපගේ අධිකාරිය මඟින් සිදු කරනු ලැබේ. සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය පුහුණු තාක්ෂණික මානව සම්පත් මෙන්ම බර වාහන සහ යන්ත්‍ර සූත්‍ර සඳහා අවශ්‍ය මානව සම්පත පුහුණු කරනු ලබන ආයතනයක් ලෙස අධිකාරිය දැක්විය හැකිය. human resource training institute of training technical human resource for development projects as well as for heavy vehicles and machinery.

si_LKSinhala