Main Functions of the Authority

සබරගමුව පළාතේ/ පළාත් සභාවේ යම් සංවර්ධන වැඩසටහනක ඇතුළත් යම් නිර්මාණ කටයුත්තක් සම්බන්ධයෙන්, සැලසුම් කිරීම සහ එබඳු කටයුත්තක් කිරීම, උපදෙස් දීම හෝ තාක්ෂණ සහාය ලබා දීම.

යම් සංවර්ධන කටයුත්තක භෞතික පිහිටීම, අවශ්‍යතාවය, පිහිටි ප්‍රදේශය යනාදියෙහි විශේෂ ගුණාගුණ සලකා බලා, අධිකාරිය වෙත ක්‍රියාත්මක කිරීම සඳහා භාරදෙන ලද සංවර්ධන කටයුතු සඳහා වන සැලසුම්කරණය සම්බන්ධයෙන් තාක්ෂණික උපදෙස් ලබාදීම.

අධිකාරිය වෙත ක්‍රියාත්මක කිරීම සඳහා භාර දෙන ලද යම් නිර්මාණ කටයුත්තක් පිළිබඳව පිළියෙල කරන ලද ඇස්තමේන්තුවක් ඌණ ඇගයීමක් හෝ අධික ඇගයීමක් යුක්ත වන බව අධිකාරියට පෙනී ගිය විට ,එබඳු ඇස්තමේන්තුවක් සුපරික්ෂාකාරීව වෙනස් කිරීම,පුනරීක්ෂණය කිරීම හෝ යළි අළුතින් ඇස්තමේන්තුවක් සකස් කිරීම .


අධිකාරියට වන පාඩු/ හානි/ අනතුරු/ අවධානම් හෝ ණය බැරකම් ආවරණය සඳහා රක්ෂණ ගිවිසුම් වලට ඇතුළු වීම.

ජලය, විදුලිය, වායු, ඉන්ධන, යන්ත්‍ර කොටස් හා වෙනත් සේවා පහසුකම් සපයා ගැනීම සඳහා පෞද්ගලික අංශය හෝ සංවිධානයක් සමඟ ගිවිසුම් වලට එළඹීම.

අධිකාරිය විසින් ඉටුකරන කාර්යයන්/ සේවයක් සඳහා අනුමත ඇස්තමේන්තු මුදල අය කර ගැනීමටත්, අනුමත ඇස්තමේන්තුවකින් වැය නොවී ඉතිරිවන මුදල උපයන ලද ලාභයක් සේ සලකා රැස්කිරීම



වත්කම් ක්ෂයවීම, රක්ෂණ වාරික, ණය පියවීම හෝ අධිකාරියේ යහපත සඳහා වන කාර්යයන් සඳහා මුදල් ලබාගැනිමට අරමුදලක් පිහිටුවීම.

පාරිතෝෂික වන්දි, ප්‍රදාන,දැයක වීම හෝ අන් ආකාරයකින්ද ,ජාතික රාජ්‍ය ,අධ්‍යාපනික , සංස්කෘතික ,පුණ්‍ය සුභ සාධක,ආගමික,අභිමතාර්ථ සඳහා ද අධිකාරිය යෝග්‍ය යැයි සලකන ආයතන සඳහා ද අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගෙන ,මුදලින් හෝ අන්‍යාකාරයකින් ප්‍රදානයන් කිරීම.

චෙක්පත්, බැංකු අණකර, ණයකර, මුදල් ඇනවුම් හෝ මුදල් අණකර භාර ගැනීම, පිටසන් කිරිම හෝ ගනු දෙනු කිරීම.

අධිකාරියට උපදෙස් දිම සඳහා උපදේශක සභාවක සංයුතිය පිළිබඳ තිරණ ගැනිම සහ අධිකාරියේ කාර්ය මණ්ඩලයේ පරිපාලනය ගැන අවශ්‍ය කාර්ය පටිපාටින් සම්මත හා ක්‍රියාත්මක කිරීම.

සියලු වර්ගවල ගොඩනැගිලි, කර්මාන්තශාලා, පට්ටල් අංගන සහ වෙනත් පහසුකම්, පිහිටුවිමෙන්, මිලදි ගැනිමෙන් හෝ අන්‍ය විධියකින් සන්තකයට ගැනිම, අභිවෘද්ධිමත් කිරීම හා ක්‍රියාත්මකව පවත්වා ගැනීම.

අධිකාරියේ අරමුණු වෙනුවෙන් අවශ්‍ය වන යන්ත්‍ර හා උපකරණ, වාහන හා වාහන අමතර කොටස් යනාදි දේපල සහ ද්‍රව්‍ය මිලදී ගැනීම, දීර්ඝකාලිනව කුලියට/බද්දට/සන්තකයට ගැනීම සහ එම ද්‍රව්‍ය ප්‍රයෝජනයට ගත නොහැකිවිට අපහරණය කිරීම පිළිබඳ තීරණ ගැනීම.

මාර්ග හා වෙනත් නිර්මාණ කටයුතුවලදී උපයෝගී කරගන්නා ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පොළවල් පිහිටුවිම සහ ගල් කඩන යන්ත්‍ර සවි කිරිම සඳහා ඉඩම් දේපල හෝ ස්ථාන කුලියට හෝ බද්දට ගැනීම.

si_LKSinhala