මිල ගණන් කැඳවීම. – HINO WU720R මාදිලියේ  ලොරි රථ 02ක් සඳහා සම්පූර්ණ ඇලුමිණියම් ලොරි බොඩි සපයා සවි කිරීම.

HINO WU720R මාදිලියේ  ලොරි රථ 02ක් සඳහා සම්පූර්ණ ඇලුමිණියම් ලොරි බොඩි සපයා සවි කිරීම සඳහා මිල ගණන් කැඳවනු ලැබේ. ඒ සඳහා පහත සඳහන් පියවරයන් අනුගමනය කරමින් මිල ගණන් ලබා දෙන මෙන් කාරුණිකව දන්වමි.

  • මේ සමඟ අමුණා ඇති ලංසු ලේඛන හා පිරිවිතරයන් අනුව ඔබගේ/ ඔබ ආයතනයේ  මිළ ගණන් 2026.06.30 දින ප.ව. 2.00 පෙර විධායක අධ්‍යක්ෂ, සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය,පැරඩයිස්,කුරුවිට යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් භාරදීමට කටයුතු කල යුතුය.
  • ප්‍රධානය කිරීමෙන් පසු 5% කාර්යය සාධන ඇපකරයක් මුදලින් හෝ විධායක අධ්‍යක්ෂ, සංවර්ධන නිරිමාණ හා යන්ත්‍රෝපකරණ යන්ත්‍රෝපකරණ අධිකාරිය නමින් ඉදිරිපත් කල යුතුය.
  • අවශ්‍ය වන්නේ නම්  අදාල පිරිවිතර අධිකාරියේ වෙබ් අඩවිය හරහාද භාගත කර ගත හැකිය   www.decma.sg.gov.lk

අවශ්‍ය නම් අධිකාරිය වෙත පැමිණ මෙම රථය පරික්ෂා කර බලා මිල ගණන් ලබා දිය හැකිය. ඒ සඳහා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධීකාරියේ  යාන්ත්‍රික ඉංජිනේරු අමතා අවශ්‍ය සම්බන්ධීකරණයන් කරගන්නා මෙන් කාරුණිකව දන්වන අතර අවශ්‍ය සියළුම විස්තර අමුණා ඇත.

සහකාර අධ්‍යක්ෂ (යාන්ත්‍රික)  –    071-4806615  / 045-2262687

වාහන අංකය                         –     LJ – 2348

  •  LJ – 2343

පරික්ෂා කල හැකි ස්ථානය    –  පැරඩයිස්,කුරුවිට

  •  

කපිල යකන්දාවල

විධායක අධ්‍යක්ෂ ,

සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය,            

සබරගමුව පළාත් සභාව.  

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *