මිල ගණන් කැඳවීම. – පරිඝණක යන්ත්‍ර

අප අධිකාරිය සඳහා පරිඝණක යන්ත්‍ර 10 පමණ ප්‍රමාණයක් අවශ්‍යතාවය පරිදි මිලදී ගැනීමට අවශ්‍ය වී ඇත. ඒ සඳහා අමුණා ඇති පිරිවිතරයන් අනුව මිල ගණන් කැඳවනු ලැබේ.

එසේ හෙයින් අදාල පිරිවිතර අනුව ඔබ ආයතනයේ මිල ගණණ්  2026.07.01 දින ප.ව. 2.00 පෙර විධායක අධ්‍යක්ෂ, සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය,පැරඩයිස්,කුරුවිට යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් භාරදීමට කටයුතු කරන මෙන් දන්වා සිටිමි.

වැඩිදුර අවශ්‍ය වන්නේ නම්  අදාල විස්තර හා ආකෘති පත්‍රය www.decma.sg.gov.lk වෙබ් අඩවියට පිවිස භාගත කර ගත හැකිය. වැඩිදුර විමසීම් සඳහා මිලදීගැනීම් අංශයේ සුපුන් හර්ෂණ මහතාගේ 070- 3226198 යන දුරකථන අංකයට අමතා තොරතුරු ලබා ගත හැකිය.

ඒ.ඒ.ආර්. මදරසිංහ

සහකාර අධ්‍යක්ෂ(පාලන) ,

සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය,            

සබරගමුව පළාත් සභාව.  

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *